Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තේ මණ්ඩලය සමග එක්ව ජනතාවට වස පොවන කොම්පැනියක් – නීතිය තේ කුඩු කරයි

අපනයනය කිරීම හා මෙරට වෙළෙඳපොළ සඳහා නිකුත් කිරීමේ අරමුණින් විෂ රසායනික ද්‍රව්‍ය කළවම් කර නිමි තේ ලෙස සකස් කරමින් සිටියදී ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් මෙරට විශාලතම කසළ තේ තොගය විනාශ කිරීම සඳහා පසුගියදා (06) අදාළ ස්ථානයට නිලධාරීන් ගියද කර්මාන්තශාලා පාලකයන්ගේ දැඩි විරෝධය සමඟ එම කාර්යය සම්පූර්ණ කිරීමට නොහැකිව එය අත්හැර දැමීමට සිදුව තිබෙනවා.

කර්මාන්තශාලා හිමිකරුවන්ගේ බාධා කිරීම මධ්‍යයේ බලධාරීන්ට විනාශ කිරීමට හැකි වූයේ අත්අඩංගුවට ගත් තේ කිලෝග්‍රෑම් 142,000න් 14,754ක් පමණයි.

උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබෙන මෙම කර්මාන්ත ශාලාව තුළ කසළ තේ , ගුණාත්මක තේ බවට පත් කිරීමේ නීති විරෝධී ක්‍රියාව සිදු කරමින් සිටියදී ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පසුගිය සැප්තැම්බර 11 වැනි දින එය වටලනු ලැබූ අතර එහි තිබී කසළ තේ කිලෝ ග්‍රෑම් 142,000ක් සමඟ ඒවාට කළවම් කිරීමට යොදා ගත් විෂ රසායනික ද්‍රව්‍ය වන පෙරස් කිලෝග්‍රෑම් 19ක්, සෝඩියම් කිලෝග්‍රෑම් 235ක්, හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05ක් සමඟ සීනි පැණි බෝතල් 138ක් අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදු කළ නිලධාරිහූ සමත් වී තිබුණා.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලොකු පුටු දුෂිතයින් සමග එක්වෙලා!!

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් (ගම්පොළ) එස්.කේ. සමරවීර මහතා ඇතුළු නිලධාරීන්ගේ ද අධීක්ෂණයෙන් සිදු වූ මෙම වැටලීමෙන් පසු කර්මාන්ත ශාලාව මාස 04කට වඩා දමන ලෙස එහි හිමිකරුවන්ට දැනුම් දී තිබුණා.

නමුත් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම ක්‍රියා පිළිවෙළ වෙනස් කර කර්මාන්ත ශාලාව මාස දෙකක් තුළ විවෘත කිරීමට ඉඩ ලබා දී තිබෙනවා.

අනතුරුව සිදුව අත්තේ වැටලීම සිදු කළ නිලධාරීන්ටද නොදන්නවා අත්අඩංගුවට ගත් තේ තොගයෙන් කිලෝ 47,000ක් කර්මාන්ත ශාලා පාලකයන් වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

වැටලීම සිදු කළ නිලධාරීන්ට දැනුම් දී හොඳ තේ යැයි පවසමින් නැවතත් තේ මණ්ඩලය මඟින් තවත් තේ කිලෝ 16,140ක් කර්මාන්තශාලා හිමිකරුවන්ට මුදා හරිනු ලැබ තිබෙනවා.

මාධ්‍ය මඟින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය 1957 අංක 51 දරන තේ පාලන පනත ද උල්ලංඝනය කරමින් සිදු වන මෙම නීති විරෝධී ක්‍රියාව වරින්වර පළ වීම සමඟ වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා මැදිහත් වී නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ වහාම කසළ තේ තොගය හා රසායනික ද්‍රව්‍ය විනාශ කරන ලෙසයි.

ඒ අනුව කර්මාන්ත ශාලාවේ තිබූ ඉතිරි තේ තොගය වූ කිලෝ අසූදහස විනාශ කිරීමට තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් එස්.කේ. සමරවීර හා එහි දෙවැනියා වූ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් හා ගම්පොළ විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට ගියද තේ කර්මාන්ත ශාලාවේ පාලකයන් ඒ සඳහා කර්මාන්ත ශාලාවේ තිබූ කසළ තේවලින් මුදා හැරීමට එකඟ වී ඇත්තේ කිලෝ 14,754ක් පමණයි.

ඔවුන් විසින් මෙම ස්ථානයට නීතීඥයන් ද ගෙනවා තිබූ අතර, අත්අඩංගුවේ තිබූ ඉතිරි තේ කිලෝ 65,716 විනාශ කිරීමට ඉඩ ඔවුන් ඉඩ ලබා දී නැහැ.

ඒ අනුව පැමිණ සිටි තේ මණ්ඩල නිලධාරීන්ගේ සහ විශේෂ කාර්ය බළකා ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් රසායානික ද්‍රව්‍ය හා කසළ තේ කිලෝ 14,754ක් පමණක් විනාශ කර පිටව යාමටයි.

මෙය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද කර්මාන්ත ශාලාවේ පාලකයන් බාධා එල්ල කර තිබුණා.

© මුලාශ්‍රය – සුරංග දිල්හාන් – ගම්පොළ සමූහ – දිනමිණ