තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වේ.
කෙසේවෙතත් තැපැල් සේවය අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
එමෙන්ම ඊයේ දින සිට දින 03ක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට