2022 ජනවාරි 21

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ කෑලිත් නෑ

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් මොහොතේ පැමිණි නාවුක කඳවුරේ සෙබලෙකු අද කියන කතාව

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අවසන් මොහොතට පෙර ඔහු අවසන් පැමිණි නාවුක කඳවුරේ කොමදෝරු කණිෂ්ක කුලරත්න මහතා විශේෂ අනාවරණයක් කර තිබෙනවා.

ඒ යුටියුබ් නාලිකාවක් සමග විශේෂ කතා බහකට එක් වෙමින්.

එමෙන්ම LTTE සංවිධානය සතුව පැවති නාවුක බලය පිළිබඳව ද සදහන් කරන කොමදෝරු කණිෂ්ක කුලරත්න මහතා පවසන්නේ විශේෂ මෝටාර් අවි තුනක් ඇතුළු ගිනිඅවි රැසකින් සමන්විතව LTTE සංවිධානය විසින්ම නිපදවූ බස් බෝට්ටු නමින් හැදින්වූ විශේෂ බෝට්ටු රැසක් ද ඔවුන් සතුව පැවති බවයි.

එම බෝට්ටු වලට මුහුණ දීමේදී සිදුවූ බිහිසුණු අත්දැකීම් රැසක් පිළිබඳව ද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කර තිබෙනවා.