මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(27) දිනයේ වාර්තා වී තිබේ.
ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු ද වෙයි.
මෙරටින් මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් 1469 දෙනෙකුගෙන් ආසාදිතයින් 732 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
කෙසේ වෙතත් ආසාදිතයින් 727 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි