Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තල්මස් වමනය කිලෝ ගානට විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට

පාවෙන රත්‍රන් ලෙස හැදින්වෙන ‘අම්බර් ග්‍රීස්‘ හෙවත් තල්මස් වමනය කිලෝ ග්‍රෑම් 18 ක් රුපියල් ලක්ෂ 160 ක මුදලකට අලෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ ඔවුන් සතුව තිබු අම්බර් කිලෝ 18 ද සමගයි.

කතරගම විශේෂ කාර්ය බලක කදවුරේ සෙබළුන්ට නාවික හමුදාව හරහා ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ හෝටලයකදී අදාල අම්බර් තොගය විකිණීමට සූදානම් වූ අවස්ථාවේදීයි.

අත්අඩංගුවට පත් පිරිසට කාන්තාවක සහ පිරිමින් හත්දෙනෙකු ඇතුලත්.

ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තාවන්නේ.

මොනවද මේ අම්බර් ග්‍රීස්

පාවෙන රත්රන් ලෙස විස්තර කර ඇති මෙය අතීත රජවරුන් විසින් භාවිතා කරන ලද ඉතා වටිනා ස්වාභාවික නිධානයකි.

වාර්තාවලට අනුව, අම්බර් කිලෝ 1 ක් ඇමරිකානු ඩොලර් 50 000 – 60 000 ක අතර වටිනා කමකින් යුක්තයි. මෙය තල්මස් විශේෂයෙන් විශේෂයට වෙනස් වන අතර ශුක්‍ර තල්මසා ලෙස හැදින්වෙන තල්මස් විශේෂයට අයත් අම්බර් කිලෝ ග්‍රෑම් 1.3 ක් ඩොලර් මිලියන 170 වකට අලෙවි කිරීමට උත්සහ දැරීමේ සිදුවීමක්ද ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

මෙය ඉතා දුර්ලබ වස්තුවක් වන අතර තල්මසුන් ගේ ආහාර මාර්ගය තුල ඉටි වැනි ද්‍රව්‍යයක් ලෙස අම්බර් ග්‍රීස් නිර්මාණය වන අතර කලාතුරකින් එම ද්‍රව්‍ය තල්මසුන් විසින් වමාරනු ලබනවා.

වමනය ලෙස හැදින්වෙන්නේ වමාරන ද්‍රව්‍යක් ලෙස මෙය ශරීරයෙන් පිටවන නිසයි.

එය ජලය මතුපිට පාවෙන අතර පාවෙන පාෂාණයක් සේ දිස්වනවා. බොහෝ විට ධීවරයන්ට මේවා හමුවන අතර ඇතැම් අවස්ථාවල වෙරළට ගසාගෙන ආ විට හමුවන අවස්ථාද තිබෙනවා.

වටිනා කමට හේතුව

මෙම අම්බර් ග්‍රීස් යොදා ගැනෙන්නේ ලොව මිල අධිකම සුවද විලවුන් නිපද වීම සඳහායි.

අම්බර් ග්‍රීස් මුසු කර තනන සුවද විලවුන් ශරීරයට කා වදින අතර සති ගණනක් එම සුවද ශරීරය මතු පිටින් ඉවත් වන්නේ නැහැ.

මීට අමතරව රහස් ඖෂධ වර්ග නිපදවීම සඳහාද අම්බර් ග්‍රීස් යොදා ගැනෙනවා.

නීති විරෝධී ඇයි ?

අම්බර් ග්‍රීස් ළග තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මෙම ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තල්මසුන් මර දැමීමයි.

About The Author