2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තරුණ තරුණයින්ට දැරිය හැකි මුදලකට මහල් නිවාස ලබා දීමේ වැඩ පිළිවෙලකට නාමල් මූලික වෙයි

තරුණ තරුණයින්ට දැරිය හැකි සහ සාධාරණ මුදලකට ලබාගත හැකි මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබදව අද (26) දිනයේ සාකච්ඡාවක් පැවැත්විණි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මැතිතුමා, නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමඟ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මීට සහභාගි විය.

මේ පිළිබදව තරුණ කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පවසයි.