Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩී.එස් ශ්‍රීමතාණන් ගෞරවයෙන් සිහිපත් කෙරේ – අවුරුදු 8ක කොලු ගැටයෙකුට ඩී.එස් කළ දෙයක් වසර 73 කට පසු හෙළි වෙයි

නිදහසේ පියා ලෙස සැලකෙන මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී .එස් සේනානායක ශ්‍රීමතාණන් ගේ ගුණ සිහි කරමින් අද පුෂ්පෝහාර වැඩසටහන් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසක දී සංවිධානය කර තිබුණා.

ඉන් ප්‍රධාන උත්සවය සංවිධනය කර තිබුණේ කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට ඇති ඩී.එස් ප්‍රතිමාව ඉදිරිපිටයි.

ඒ සඳහා රජයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් එක් වුණා.

මෙරටට නිදහස ලබාදීම සඳහා පුරෝගාමී වූ සේනානායක ශ්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂයේද නිර්මාතෘවරයා යි.

මේ අවස්ථාවට ඩී. එස් සේනානායක මහතාගේ මුණුපුරන් වන වත්මන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ වසන්ත සේනානායක යන මහත්වරුන් ද එක්ව සිටියා.

මේ අතර මීට වසර 73 කට පෙරාතුව පැවති නිදහස් දින උත්සවය සඳහා වයස අවුරුදු 08 ක් දරුවෙකු ලෙස එක් වූ සීගිරිය කලාපුරයේ පදිංචි විශ්වකර්ම වෙද මහතා ලෙස ප්‍රසිද්ධ ආර්.කේ විජේරත්න මහතා පිළිබඳ පුවතක් හිරු TV ඔස්සේ විකාශනය කර තිබුණා.

විජේරත්න මහතා තමන් විසින්ම සාදන ලද හැරමිටියක් නිදහස් දින උත්සවයදා ඩී.එස් සේනානායක මහතාට පිළිගන්වා තිබෙනවා.

ඔහු එදා මතක, අද මෙලෙස ආවර්ජනය කළා.

About The Author