රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පනවා තිබූ විදෙස් ගමන් තහනම දින පහක කාලයකට තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඩයනා ගමගේ දෙසැම්බර් 21 සහ දෙසැම්බර් 23 අතර විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින බැවින් ඇයට එරෙහිව පනවා ඇති සංචාරක තහනම ලිහිල් කරන ලෙසට ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ආගමන විගමන පාලක ජනරාල්වරයාට අසත්‍ය තොරතුරු ලබාදී ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට එල්ල වූ පැමිණිල්ලට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට