Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩයට්

චිත‍්‍රපටවල, රූපවාහිනී වැඩසටහන්වල පෙනී සිටින නළු නිළියෝ තමන්ගේ ශරීරය ඔය තරම් ලස්සනට, හැඩට තියා ගන්නේ කොහොමද කියන එක අපි හුඟ දෙනෙකුට තියෙන ප‍්‍රශ්නයක්. ඒ නිසා ම ඒ වගේ රසිකයන් ගැන අනුකම්පා කරලා දැනට ටික කාලෙකට කලින් ප‍්‍රවීණ නිළි ඩිම්පල් කපාඩියා සහ ට්වින්කල් ඛන්නා එකතු වෙලා ප‍්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනෙකුගේ සුරූපී බවේ රහස් අඩංගු පොතක් එළි දැක්වූවා. මේක ලියලා තියෙන්නේ කාල් පූරි, තමන්ගේ ම අත්දැකීම්වලින්.

ඒකේ ඉන්න කිහිප දෙනෙක් එදා පොත එළි දැක්වීමේ උත්සවයටත් ඇවිත් හිටියා. ලංකාවේ ඔය ප‍්‍රශ්නයෙන් පීඩා විඳින අයගේ යහපත වෙනුවෙන් අපිත් ටිකක් ගැන හොයලා බැලූවා. බලනකොට ඒකෙත් මහ ලොකු දෙයක් නැහැ. ට්වින්කල් තමන්ගේ ආහාර පාලනය කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 7 ඉඳන් ලූ. ඩිම්පල් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තු දේ තමයි ලූ ස්ට්‍රෝබෙරි අයිස් ක‍්‍රීම් කන එක. මොකද, එයා ඒවා කන්න හරිම ආස නිසා. තවත් කෙනෙක් කියනවා නිවැරදි ආහාර පුරුදු සහ යෝගා අභ්‍යාස කළොත් ශරීරයේ හැඩය පවත්වා ගන්න ඒ තරම් අමාරු නැහැ කියලා. තවත් අදහසක් තමයි ක‍්‍රමානුකූල ව්‍යායාම සහ නියමිත ආහාර පුරුදු. ආහාර පාලනය කරනවා කියන්නේ හැම තිස්සෙම අපි ආස කෑම ජාති මුකුත් ම නොකා, එ්වා දිහා බල බල දුක් විඳින එක නෙවෙයි ලූ. සමහර නළුවෝ කියන විදිහට ඇල්කොහොල්, පැණිරස සහ කාබෝහයිඩ්‍රේඞ් කියන ජාති තුනෙන් වෙන් වුණොත් අනිවාර්යයෙන් ම කඩවසම් ශරීරයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන මොනවද කන්න ඉතුරු වෙන්නේ? තුන් වේලට ම බත් නැතුව එළවළු විතරක් කන්න පුළුවන් යැ නේද?

චිත‍්‍රපට නිෂ්පාදක අනුරාග් කෂ්‍යප් නම් කියන්නේ එයාට මේ ලෝකේ තියෙන එපාම කරපු වැඬේ තමයි ලූ ආහාර පාලනය කරන එක. අනුරාග් කොහොමත් ටිකක් මහත පැත්තට තමයි බර. එහෙම වුණාම ඇඟ කෙට්ටු කර ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙන බව අපි දන්නවා නේ. ඒ නිසා සමහර වෙලාවට අනුරාග්ට හිතෙනවාලූ ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන එකත් එක්තරා පවක් තමයි කියලා. ඇයි ඉතින්, කොහේ හරි තැනකට ගිය ගමන් හැමෝම එයා දිහා බලන්න පටන් ගන්නවා නේ. සිනමාවට සම්බන්ධ පුද්ගලයෙකුට කඩවසම් ශරීරයක් තිබිය යුතුමයි කියන මෝඩ අදහස මිනිස්සුන්ගේ හිත්වලට කා වැදිලා තියෙන තරම බොහොම භයානකයි. ඒ නිසා අනුරාග් කෑම කෙසේ වෙතත් නොකඩවා ව්‍යායාම කිරීම නම් අනිවාර්යයෙන් ම කරගෙන යනවාලූ. ඒත් දුක හිතෙන කාරණය තමයි, අනුරාග් කියනවා එයා මාස 2ක් එක දිගට දුක් විඳලත්, තමන්ගේ බර අඩු කරගන්න පුළුවන් වුණේ කිලෝ 4කින් විතරයි කියලා. හම්බ වුණොත් අරගෙන කියවන්න. පොතේ නම Weight loss memoir.

About The Author