Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටේලර් ස්විෆ්ට්ගේ අයිතිය විකිණේ.

සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ ස්කූටර් බ්‍රවුන් විසින් සිය පළමු ඇල්බම හයෙහි අයිතිය විකුණා ඇති බවට ගායිකා ටේලර් ස්විෆ්ට් චෝදනා කර තිබේ.

විනෝදාස්වාදය හා සම්බන්ධ සඟරාවක් වන “වේරයිටි”හි වාර්තා කර තිබුණේ බ්‍රවුන් එම අයිතිවාසිකම් ආයෝජන අරමුදලකට විකුණා ඇති බවයි.

මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 300කට වැඩි යැයි සිතයි.

ස්විෆ්ට් සිය ට්විටර් ගිණුමෙහි ලියා ඇති පරිදි “එය මගේ අනුදැනුමකින් තොරව මගේ සංගීතය විකුණන ලද දෙවන අවස්ථාවයි”.

ස්විෆ්ට් සහ බ්‍රවුන් අතර ඇති වූ ආරවුලේ නවත ම වර්ධනය මෙය යි. ස්විෆ්ට් මෙයට පෙර ද බ්‍රවුන්ට චෝදනා කර තිබුණේ ඔහු ඇගේ සංගීත උරුමය බිඳ දැමීමට උත්සාහ කරන බවට යි.

මෙලෙස තැන තැන සඳහන් වන විවිධාකාර වාර්තාවන්ට හෝ ස්විෆ්ට්ගේ ප්‍රකාශයට බ්‍රවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ස්විෆ්ට් 2004 දී “රෙකෝඩ් ලේබල් බිග් මැෂින්” ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර ඇයගේ පළමු ඇල්බම හය සඳහා මූලික පටිගත කිරීමේ අයිතිය ඔවුන් වෙත ලබා දුන්නා ය. එම ආයතනය ද ඇයගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සඳහා ස්විෆ්ට් හට මුදල් අත්තිකාරමක් ලබා දී තිබේ. මෙම අයිතියේ ගැටලුව මතු වීමට හේතුව එය බව නිගමනය කළ හැකි ය.