Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටික් ටොක් විකාරය.

ලොව පුරා තරුණ තරුණියන් අතර ගැටලු ඇති.කරවන ටික් ටොක් යෙදවුම හරහා සිදු වන තවත් භයානක ක්‍රියාවලියක් පිළිබඳ දැන් අනාවරණය වී තිබේ.

මුහුණ පුරා ඉටි වැස්මක් තවරමින කරගෙන යනු ලබන මෙම නවතම විකාරරූපී රංගනය හේතුවෙන් එම නළු නිළියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල විය යරකි බව බ්‍රිතාන්‍ය චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.

මෙලෙස තැවරීමට උත්සාහ දරන පැරෆින් ඉටි අදාළ නළුවාගේ හෝ නිළියගේ සමට අහිතකර වන අතර, ඒවා ඔහුගෙ නාසය සහ කන් හරහා ශරීරයට ඇතුළු විය හැකි ය. 

එහෙයින් මෙවැනි අදූරදර්ශී රංගනයන් වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු දන්වා සිටිති.