Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප් බයිඩන් පිළි ගැනීමට එකඟ වෙයි.

ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩෙන් බලයට පත් කිරීම සඳහා එක්සත් ජනපදය ලැහැස්ති විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවසානයේ දී පිළිගෙන තිබේ.

ජනාධිපතිවරයා කියා සිටියේ තනතුර  භාර දීම අධීක්ෂණය කරන කණ්ඩායම විසින් සිය මැතිවරණ පරාජය වෙනුවෙන් දිගින් දිගට ම විරෝධය පළ කිරීමට පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි.

සාමාන්‍ය සේවා පරිපාලනය (ජී.එස්.ඒ.) කියා සිටියේ දැනට පෙනී යන පරිදි බයිඩෙන් මහතා ජයග්‍රාහකයා බව තමන් පිළිගන්නා බවයි.

එසේ වූයේ මිචිගන් ප්‍රාන්තය තුළ බයිඩෙන් මහතාගේ ජයග්‍රහණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය. එය ට්‍රම්ප් මහතාට එල්ල කෙරුණු විශාල පහරක් විය.

“වසංගතය පාලනය කර ගැනීම සහ අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව අපේ ජාතිය මුහුණ දෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අද දවසේ ගත් මෙම තීරණය අත්‍යවශ්‍ය පියවරකි.” යැයි ධවල මන්දිරය පවසා සිටියි.

About The Author