Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප් ඡන්ද සටන අරඹයි.

පසුගිය මාර්තු මස 02 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ, “චාලට්” නගරයේ අවසන් වරට පෙනී සිටි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, එළඹුණු මාස තුන ම ඔහුගේ ජනාධිපතිවරණ සටන කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතයේ බරපතල තත්ත්වය හේතුවෙනි. මේ වන විට ආසාදිතයින් ගණන ලක්ෂ 21කට ආසන්න වුව ද, මරණ ගණන 116,000කට වැඩි වුව ද, ඔහු එහි බරපතල බව එතරම් සිතට ගන්නා බවක් නොපෙනේ. එහෙයින් ඔහුගේ මීළඟ රැළිය “ඔක්ලහෝමා” නගරයේ දී පැවැත්වීමට තීරණය වී ඇත.

එය සිදු වන්නේ ට්‍රම්ප් අයත් රිපබ්ලිකන් පක්ෂයේ වාර්ෂික සමුළුවක එක් කොටසක් ආකාරයෙනි. ප්‍රථමයෙන් උතුරු කැරොලිනාවේ සමුළුව පැවැත්වීමට තීරණය කර තිබුණ ද, එහි ආණ්ඩුකාරවරයා විරුද්ධ පක්ෂයේ, එනම් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයෙකු වූ බැවින් එය අත්හැර දැමීමට සිදු විය. මේ වන විට ඔක්ලහෝමා නගරය තුළ සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර පසුව ෆ්ලොරිඩාව, ටෙක්සාස් හා ඇරිසෝනා යන නගර තුළ ඉතිරි සමුළු කොටස් පැවැත්වීමට නියමිත ය. 

කෙසේ වුවත් ජනමත විමසුම අනුව පෙනී යන්නේ ඔහුගේ විරුද්ධවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක “ජෝ බයිඩන්”, ට්‍රම්ප්ට වඩා 8%ක් ඉදිරියෙන් සිටින බව ය. 

About The Author