Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප් අනුමත කරන වෙළෙඳ භාණ්ඩය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දියණිය උඩ පනිමින් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදෙන බව පෙනී යාම පුදුමයට හේතු වී තිබේ. පසුගිය දිනෙක ට්විටර් හරහා පණිවුඩයක් නිකුත් කළ ජනපති දියණිය වන ඉවන්කා ට්‍රම්ප්, “ගෝයා’ විසින් නිෂ්පාදනය කෙරුණු ආහාරයක් නම් එය අනිවාර්යයෙන් ම විශිෂ්ට විය යුතු යි” යනුවෙන් පවසා තිබුණේ “ගෝයා” සමාගමෙන් නිෂ්පාදනය කරන ලද කළු බෝංචි ටින් එකක් ළඟ තබා ගත් ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කරවමිනි. දියණියගේ වරද නිවැරදි කරනු වෙනුවට පියා වන ට්‍රම්ප් ද දින කිහිපයකට පසු පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ “ගෝයා” ආහාර නිෂ්පාදන සමාගම රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන බව යි. එපමණක් නොව ඔහු විවිධ “ගෝයා” නිෂ්පාදන සමඟ පෙනී සිටින ඡායාරූපයක් ද ඉන්ස්ටර්ග්‍රෑම් වෙත නිකුත් කර තිබිණි. 

සාමාන්‍යයෙන් වෙළෙඳාමේ ප්‍රචාරක උපක්‍රමයක් වන්නේ සමාජය තුළ ජීවත් වන සුප්‍රසිද්ධ චරිතයක් මාර්ගයෙන් සිය වෙළෙඳ භාණ්ඩයේ නම කියවා ගැනීම යි. එවිට එය මිළ දී ගැනීම සඳහා ජනතාව තුළ පෙළඹවීමක් ඇති වේ. එහෙත් රටක ජනාධිපතිවරයෙකු යම් වෙළෙඳ නාමයක් ප්‍රචාරය කරයි නම්? තත්ත්වය කුමක් වනු ඇත් ද? සමාජය කිසිසේත් එය අනුමත නොකරනු ඇත. හැරත් වෙළෙඳ ප්‍රචාරණය ජනාධිපති ආචාරධර්මවලට කිසිසේත් එකඟ නොවේ. එනමුත් ඒ සියලු විරෝධතා නොතකමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාත් ඔහුගේ දියණියත් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදීම පිළිබඳ රට පුරා බොහෝ පිරිසක් දැඩි විවේචන එල්ල කරමින් සිටිති. පෙර, එක්සත් ජනපද රජයේ ආචාර ධර්ම පිළිබඳ කාර්යාලයේ (OGE) හිටපු අධ්‍යක්ෂවරයකු වන වෝල්ටර් ෂෝබ් ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් ලියා ඇත්තේ ට්‍රම්ප්ගේ හා දියණියගේ පණිවුඩය යනු පැහැදිලිව ම රජය විසින් සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අනිසි ලෙස භාවිත කිරීමක් බව ය.

About The Author