Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටයිග්‍රේ යටත් නොවන බවට තීරණය කරයි.

මේ වන විට ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය පාලනය කරමින් සිටින නායකයා හට බදාදා වන විට යටත් වන්නට නියම කෙරුණ ද ඔහු විසින් අගමැතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර රටින් උතුරේ පවතින ගැටුමට එරෙහි ව සටන් කරන බවට ප්‍රතිඥා දී තිබේ.

ඔවුන් විසින් එම ප්‍රදේශයේ අගනුවර වන මෙකෙල් ප්‍රදේශය වටකර ඇති බවට ෆෙඩරල් රජය කළ ප්‍රකාශය ජෙබ්‍රෙමිචෙල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සති තුනකට ආසන්න කාලක් තිස්සේ කෙරුණු සටනක දී සිය ගණනක් මිය ගොස් ඇති අතර දස දහස් ගණනක් පළා ගොස් ඇති බවට වාර්තා වේ.

මෙයින් මානුෂීය අර්බුදයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ.

ඉතියෝපියානු අගමැති අබී අහමඩ් පසුගිය ඉරිදා කලාපයේ සටන්කරුවන් හට යටත් වීමට පැය 72ක කාල සීමාවක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කළ අතර රජයේ හමුදාව මෙකෙල් ප්‍රදේශයේ  පදිංචිකරුවන් 500,000ට අනතුරු අඟවා තිබෙන්නේ තම සොල්දාදුවන් නගරය වටලා එයට පහර දීමට තීරණය කර ඇති බවට යි.