Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෝ බයිඩෙන්ට විශිෂ්ට ජයක්.

MONACA, PA - NOVEMBER 02: Democratic presidential nominee Joe Biden speaks at a campaign stop at Community College of Beaver County on November 02, 2020 in Monaca, Pennsylvania. One day before the election, Biden is campaigning in Pennsylvania, a key battleground state that President Donald Trump won narrowly in 2016. (Photo by Drew Angerer/Getty Images)

පසුගිය අඟහරුවාදා එනම්, නොවැම්බර් මස 03 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ 59 වන ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, එහි දී ඩිමොක්‍රටික් පාක්ෂික තරඟකරුවා වූ ජෝ බයිඩෙන් මහතා විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ය.

ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 75,196,516ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 50.6%කි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ ඡන්ද ප්‍රමාණය 70,803,881ක් වන අතර එහි ප්‍රතිශතය 47.7%කි.

එරට මැතිවරණ ක්‍රමයට අනුව ඡන්ද විද්‍යාලයේ ඡන්දවලින් 290ක් බයිඩෙන් හට ලැබුණ ද ට්‍රම්ප් හට ලැබුණේ 214ක් පමණි.

දිවුරුම් දුන් පසු බයිඩෙන් ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගත ම ජනාධිපතිවරයා බවට පත් වන අතර, ඔහුගේ උප ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිත ව සිටින කමලා හැරිස්, එරට ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය බවට පත් වනු ඇත.

මේ වන විටත් ට්‍රම්ප් ප්‍රතිඵල පිළි ගැනීමෙන් වැළකී සිටින බවට වාර්තා වන අතර, එසේ වුවහොත් තනතුර බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට බයිඩෙන් හට සිදු වනු ඇත. එවිට, සිය තනතුර අත්හැරීම ප්‍රතික්ෂේප කොට බලහත්කාරයට මුහුණ දුන් ප්‍රථම හිටපු ජනාධිපතිවරයා බවට වාර්තාවක් පිහිටුවනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

About The Author