Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෝන් – ප්‍රියා


ඔයාලා දන්නවා නේ ජෝන් ඒබ‍්‍රහම්ගේ වයිෆ්? වසර ගණනාවත් එකට හිටිය බිපාෂාගෙන් වෙන් වුණාට පස්සේ ජෝන් එකතු වුනේ ප‍්‍රියා රන්චාල් කියලා වැඩිය ප‍්‍රසිද්ධ නැති කෙනෙක් එක්ක. එයා බැංකුකාරිණියක්. ඇත්ත වශයෙන් ම කිව්වොත් ඇමරිකාවේ ආයෝජන බැංකුවක කොටස්කාරියක්. ඒ වගේ ම කිසිසේත් ම සිනමාවට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා ම ප‍්‍රියාගේ රූපය කැමරාවට හසු කර ගන්න එක වාර්තාකරුවන්ට අති විශාල ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණේ.


ජෝන් – ප‍්‍රියා හමු වුණේ ඉන්දියාවේ තරු පහේ හොටලයක පැවැත්වුණු සුපිරි සාදයක දී. ඒ, ඔහු බිපාෂාගෙන් වෙන් වුණු අළුතම යි. සාදයේ දී දෙන්නා එකට ඉන්න බව වාර්තාකරුවන්ගෙන් හංගන්න ජෝන් කොයි තරම් උත්සහ කළත්, ඒ පෙම් හමුව අවසාන වුණේ බොහොම අහඹු විදිහට දෙන්නාගේ පින්තූරයක් මාධ්‍යයට ලබා දෙමින්. කර කියා ගන්න දෙයක් නැති වුණු නිසා ඊට පස්සේ ජෝන් කිව්වා ප‍්‍රියා තමන්ගේ හොඳම මිතුරියක් විතරයි කියලා. ඒ වගේ ම ඒ දවස්වල එයා කිය කියා හිටියේ තමන් ආයෙමත් බිපාෂා එක්ක එකතු වෙන්න කැමතියි තියලා. බිපාෂාත් එහෙම ලූ. ඔච්චර ආදරේ නම් ඇයි වෙන් වුණේ? ආරංචි විදිහට ජෝන් – බිපාෂාගේ ආදර අන්දරය බිඳ වැටීමට හේතුව තමයි ජෝන් ඉක්මනට කසාද බඳින්න කැමැත්තක් නොදැක්වීම. කොල්ලෝ එහෙම කිව්වට කෙල්ලන්ට එහෙම බැහැ නේ. ඒත් ප‍්‍රියා එක්ක එකතු වුණාට පස්සේ මේ අකමැත්ත හිටි හැටියේ කැමැත්තක් බවට පත් වුණා.. ආරංචි විදිහට දෙන්නා 2012 අවුරුද්දේ අප්‍රේල් මාසේ විවාහ ගිවිස ගන්න විතරක් නෙවෙයි, 2013 අවුරුද්දේ කසාද බඳින්නත් ලැහැස්ති වෙලා හිටියා. කොයි තරම් අපූරු වෙනස්වීමක් ද නේද?


මේ අළුත් සම්බන්ධතාවයෙන් අපේ නළුවාට කොයි තරම් පණ ආවද කිව්වොත් එයා 2013 වසරේ සන්ජේ ගුප්තා කියන නිෂ්පාදකයාත් එක්ක එකතු වෙලා “ෂූට්අවුට් ඇට් වඩාලා” කියලා චිත‍්‍රපටයකුත් නිෂ්පාදනය කළා. කොහොමහරි දෙන්නා බැන්දේ නම් 2014 දි.