Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෝන් කීල්ස් පෙරට දමා අදානි සමාගමට නැගෙනහිර ජැටිය සම්පුර්ණයෙන්ම විකිණීමට ආණ්ඩුව කටයුතු කරාවිද?

කොළඹ වරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් මේ වන විට නිර්මාණය වී ඇති අර්බුදයේ නවතම තත්වය මේ වන අනාවරණය වී තිබෙනවා.

ඒ ආන්දෝලනාත්මක අදානි සමගම විසින් මෙරට තම නියෝජිතයා ලෙස ජෝන් කීල්ස් සමගම නම් කර ඇති බව හෙළි වීමත් සමගයි.

නැගෙනහිර ජැටියේ කොටස් විකිණීමේදී ඉන් 51% ශ්‍රී ලංකාව යටතේ තබා ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කලද වෘත්තීය සමිති චෝදනා කළේ නැගෙනහිර ජැටියේ 100% කොටස් අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම තබා ගත යුතු බවයි.

මෙම තත්වය තුල ආණ්ඩු ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත ජෝන් කීල්ස් සමාගමට ද කොටස් අයිතිය හිමිකර දෙමින් තව දුරටත් අදානි සමාගමට කොටස් විකුණා දමමින් වරාය ගනුදෙනුව සිදු කිරීමට යන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

එම අනාවරණය යථාර්ථයක් බවට පත් කරමින් මේ වන විට අදානි සමාගම තම ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස ජෝන් කීල්ස් සමාගම නම් කර ඇති බව වාර්තා වනවා.

මේ වන විටත් කොළඹ වරායේ SAGT [ (South Asia Gateway Terminals) 1998 වසරේදී කොටස් විකුණා දමන ලද රැජින පර්යන්තය] හරහා කන්ටේනර් මෙහෙයුම්වලින් 35%ක් සිදු කරන්නේ ජෝන් කීල්ස් සමාගමයි.

මේ අනුව ආණ්ඩුව එකඟ වී ඇති පරිදි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දුනහොත් මෙම සමාගම් දෙක එක්ව කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම්වලින් 2/3ට වැඩි ප්‍රමාණයක් සිදු කිරීමේ බලය හිමිකර ගනු ඇති.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමයේ මෙම SAGT පර්යන්තය ජෝන් කීල්ස් සමාගමට වසර තිහකට බදු දෙන ලදී. එම ගිවිසුම 2028 දී අවසන් ව එම පර්යන්තයේ යළි වරාය අධිකාරියට ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වන විට ජෝන් කීල්ස් සහ අදානි සමාගම් එක්ව කටයුතු කිරීමෙන් වසර කිහිපයක් යන තුරු කොළඹ වරාය සතුව ඇති සම්පුර්ණ මෙහෙයුම් ක්‍රියාවලියෙන් වැඩි කොටසක් ඉන්දියාව අතට පත්වීමේ අනතුර මේ වන විටත් නිර්මාණය වී තිබේ.

අතීතයෙන් පාඩමක් – දේශීය සමාගම් පෙන්වා රාජපක්ෂ ආණ්ඩුව චීනයට CICT ( Colombo International Container Terminals ) පවරා දුන් හැටි

කොළඹ වරායේ මෙහෙයුම් පර්යන්ත හතරෙන් විශාලතම එකක් වන්නේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (සී.අයි.සී.ටී) චීන සමාගමක් වන චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් (සීඑම්එච්) සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් අතර හවුල් ව්‍යාපාරයක් හරහා සංවර්ධනය කරන බව පවසා එවක ආණ්ඩුව ගිවිසුමක් ඇති කර ගන්න ලදී.

මෙම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාව සතුව වැඩිපුර කොටස් අයිතියක්ම තබා ගන්නා බව පවසමින් එයිට්කන් ස්පෙන්ස් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ඇති කොට වසර 35 ක සහන කාලයක් සහිතව සී.අයි.සී.ටී සඳහා බොට් ටෙන්ඩරය දිනාගෙන තිබේ.

පර්යන්තය 2014 දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම ආරම්භ විය.

මේ ගනුදෙනුව පිලිබඳ විශ්ලේෂණයක් සිදු කල ඉන්දීය මාධ්‍යවේදියෙකු අපුර්ව හෙළිදරව්වක් සිදු කර තිබේ.

එදා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (සී.අයි.සී.ටී) කොටස් අයිතියෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකාව සතු බව පවසා අදාළ දේශීය සමාගමද ආඳා ගනිමින් ගිවිසුම් ගත වූ පසු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව කොටස් 15% සහ එයිට්කන් ස්පෙන්ස් සමගම සතුව කොටස් 30% සහ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් (සීඑම්එච්) විසින් කොටස් 65% වශයෙන් තිබී ඇත.

නමුත් පසුව ක්‍රමයෙන් මෙරටට අදාළ ආයතන තම කොටස් කිහිපයක් චීන සමගම වෙතම විකුණා තිබේ.

ඒ අනුව චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් (සී.එම්.එච්) නම් චීන සමාගමේ කොටස් ප්‍රමාණය 78.4% දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත්තේ කොටස් වලින් 6.4% ක් බවත් එයිට්කන් ස්පෙස්න් සමාගම් සතුව කොටස් අයිතියෙන් 21.4% ක් පමණ ඇති බවත් ඔහු වාර්තා කර තිබේ.

ඒ අනුව සිදුව තිබෙන්නේ ගිවිසුමේ අන්තර්ගතය වෙනුවට අදාල ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (සී.අයි.සී.ටී) පර්යන්තයේ 78.4% දක්වා වූ බහුතර කොටස් අයිතිය මේ වන විට චීනයේ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් (සී.එම්.එච්) සමගම අතට පත්වීම බවයි ඔහු හෙළි කරන්නේ.

About The Author