ජනතාවගේ ජීවිත විනාශ කරන රජයේ වැඩපිළිවෙල අනුමත නොකරන බවත් අවධාරණය කරයි
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළ පනාව අසල ඉදි කිරීමට සැලසුම් කර තිබූ ඇවිදින මං තීරුව සම්බන්ධයෙන් විරෝධය පල කිරීමට මහා සංඝරත්නය ගනු ලැබූ තීරණය අගය කළ යුත්තක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනතාවට අවශ්‍ය නොවන සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනතාවගේ ජීවිත පවා විනාශ කරන රජයේ වැඩ පිළිවෙළ කිසි ලෙසකින් අනුමත නොකරන බවයි.
මේ වන විට මුතුරාජවෙල තෙත් භූමිය විනාශ කරමින් දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතිය පිළිබඳවද අදහස් පළ කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග විනාශ කරමින් සුළු පිරිසකට වාසි අත්කර දීම වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බවයි.
රටේ පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් නීති සකස් කිරීමත්, පනත් කෙටුම් පත් කිරීමත් වෙනුවෙන් තෝරා පත්කර යවා ඇත්තේ මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නම් අදාල වගකීම ඔවුන් හරහා නිසි අයුරින් ඉටු වන්නේදැයි ප්‍රශ්නාර්ථයක් මතු වන බව ද උන්වහන්සේ සඳහන් කළේ Mee Massoo TV නාලිකාව සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
තවත් කරුණු රැසක් පිළිබඳව උන්වහන්සේ තොරතුරු හෙළි කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට