ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා හා එම චෝදනා සොයා බැලීමට පත්කළ කමිටු වාර්තා අධ්‍යයනය කිරීම සඳහා නව විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කොමිසන් සභාවක් (Commission of Inquiry) පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.
එම කොමිසන් සභාව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතියේදී පත් කෙරෙනු ඇති බවද පැවසෙනවා.
පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වෙත එම පොරොන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම කොමිෂන් සභාව මගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව (දරුස්මාන් වාර්තාව) අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අනාවරණයන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සියලුම වාර්තා අධ්‍යයනය කිරීමට නියමිතය.
කෙසේ වෙතත් එහි නිර්දේශ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා නොකරන බවද වාර්තාවනවා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි