Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජිනීලියාගේ දරු සුරතල්.


ජිනීලියා ඩි සූසා සහ රිතේෂ් දේශ්මුක් 2012 දී විවාහ වුණා. විවාහයෙන් පස්සේ ජිනීලියා රඟපෑමෙන් ඉවත් වෙයි ද? කියන ඒක හුඟ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක්. විශේෂයෙන් ම ”ජානේ තූ යා ජානේ නා”, ”ෆෝර්ස්” වගේ චිත‍්‍රපටවල දී ඇය පෙන්වපු දක්ෂතාවය ගැන සතුටට පත් වෙලා හිටිය උදවිය බොහොමයි. ඒ නිසාම බොලිවුඞ් මාධ්‍ය ඒ ගැන ජිනීගෙන් විමසලා තිබුණා.

ලැබිලා තිබුණු උත්තරය සතුටුදායකයි. ජිනී කියලා තිබුණා ඒයා දිගට ම රඟපානවා කියලා. හැබැයි, විවාහ වුණු අලූුත ම නෙවෙයි. විවාහයෙන් පස්සේ කෙටි නිවාඩුවක් අරගෙන, තමන්ගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට වැඩපිළිවෙළක් යොදලා එන්නයි එයාගේ බලාපොරොත්තුව වුණේ. මේකට රිතේෂ්ගේ බලපෑමක් තිබුණේ නැහැ. හැබැයි සමහරු නම් කිව්වේ රිතිෂ්ගේ දෙමාපියෝ, ජීනී විවාහයෙන් පස්සේ වෙනත් නළුවන් එක්ක දැවටි දැවටි රඟපානවාට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ කියලයි.


ඒ කෙසේ වෙතත් ජිනී කිව්වේ විවාහ වුණා කියලා තමන්ගේ ජීවිතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. එයා උදාහරණයක් විදිහට පෙන්නුවේ ප‍්‍රවීණ නිළි කාජල් ව. කාජල් විවාහ වෙලා ටික කලක් සිනමාවෙන් ඉවත් වෙලා දරුවන් ගැන බැලූවා. ඒත් ඊට පස්සේ ආයෙත් ආවා. ජිනීත් උත්සහ ක‌ළේ කාජල් ගේ මග අනුගමනය කරන්න. ජිනීගේ ප‍්‍රියතම නිළිය තමයි කාජල්. ඒ වගේ ම ඒ දෙන්නගේ උපන් දිනයත් එක යි. අගෝස්තු 5.

ඉතින් කාජල් මඟ ගිය ජිනී, ඒ් කියපු හැටියට ම විවේකයෙන් හිටියේ අවුරුදු දෙකයි. 2014 දී තිරගත වුණු “ජය හෝ” සහ “ලායි බහාරී” කියන චිත්‍රපට දෙකේ ම ජිනීලියා දකින්න ලැබුණා. වැඩියෙන් ම ජනප්‍රිය වුණේ ” ෆෝර්ස් 2″. මේ වෙද්දී ජිනීලියා – රිතේෂ් දෙන්නා “රියාන්” සහ “රාහියිල්” දරුවන් දෙන්නත් බලාගෙන සතුටින් ඉන්නවා.

About The Author