රංගන සහ නර්තන ශිල්පිනියක වන Nora Fatehi විසින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ට එරෙහිව රුපියල් කෝටි 200ක අපහාස නඩුවක් ගොනු කර තිබේ.
‘Thank God’ චිත්‍රපටයට ද රංගනයෙන් එක්වන නෝරා මෙහිදී ජැකලින්ට චෝදනා කරන්නේ ද්වේෂ සහගතව තමන් වෙත අසත්‍ය චෝදනා එල්ල කරන බවය.
මීට පෙර, සිකුරාදා සුකේෂ් චන්ද්‍රසේකර් නම් තැනැත්තා සම්බන්ධ රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ නවදිල්ලියේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක (ED) කාර්යාලයේ ප්‍රශ්න කිරීමකට Fatehi ලක්ව තිබේ. එමෙන්ම සැප්තැම්බර් 15 වෙනිදා, Fatehi සහ ජැකලින් සහ ඇයව සුකේෂ් වෙත හඳුන්වා දුන් බව කියන පිංකි ඉරානි දිල්ලි පොලීසියේ අපරාධ අංශය විසින් පැය 04 කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමකට ලක් කොට තිබේ.
එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇයට පුණ්‍ය කටයුත්තක් සඳහා මුදලක් ලැබුණු බවයි. උත්සවය අතරතුර, සුකේෂ් චන්ද්‍රසේකර්ගේ බිරිඳ වන ලීනා පවුලෝස් විසින් ඇයට Gucci Bag එකක් සහ iPhone එකක් තෑගි කොට තිබේ. සුකේෂ් දැනුවත්ව අපරාධවලින් ඉපයූ මුදල් තැන්පත් කිරීම සහ මාරු කිරීම සඳහා ව්‍යුහයක් නිර්මාණය කළ බවත්, ඒ අනුව, මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී වූ බවත් වැඩිදුරටත් අනාවරණය විය.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක