පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් තීරණයට අනුව තමන් වෙත නැවතත් ප්‍රදානය කිරීමට තීරණය කරන ලද එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක තනතුර සුදුසු වෙනත් කෙනෙකුට ලබා දීම පිළිබඳ තමාගේ අකමැත්තක් නොමැති බව නවීන් දිසානායක මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ලිපියක් යොමු කරමින් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තමා කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂය අත්හැර නොයන බවයි.
පක්ෂයෙන් තම වෙත පවරා ඇති නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ධුරයන් තවදුරටත් දැරීමට කැමැත්තෙන් පසුවන බවත් අදාළ ලිපිය මගින් ඔහු පක්ෂ නායකත්වය වෙත දැනුම් දී තිබෙනවා.
තම පියාණන් වූ දිවංගත ගාමිණී දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයෙකු ලෙස කැපවෙමින් රැකගත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා අනාගත වැඩපිළිවෙල වෙනුවෙන් සිය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්‍රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි