ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ආසනය හෙබවීම සඳහා මහාචාර්යය හරිනි අමරසූරිය මහත්මියගේ නම යෝජනා වී තිබේ.
එතුමිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නී ය. “මැකියුරි” විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබූ ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති (ගෞරව) උපාධිධාරිණියකි.
එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්යය උපාධිය ලබා ඇති මහාචාර්යය අමරසූරියගේ විෂයය වන්නේ සමාජ මානව විද්‍යාව යි. එතුමිය නිලධරය තුළ රාජ්‍යය, සංවර්ධන ප්‍රතිපත්තිය සහ භාවිතයන් අතර ඇති සම්බන්ධතාවය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා සම්බන්ධයෙන් ගවේෂණය කර තිබේ. එතුමියගේ සමාජ පර්යේෂණ තුළට තරුණ විරැකියාව සහ ගැටුම්, ස්ත්‍රී පුරුෂ භාවය, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය යන ක්ෂේත්‍රවල පර්යේෂණ ඇතුළත් වේ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි