කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ ඇතුළු වී යට ඇඳුම් සොරා ගැනීමේ නිරත වූ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා මරදාන පොලීසිය වෙත භාරදී තිබේ.
සැකකරු අල්ලා ගන්නා අවස්ථාවේදී යට ඇඳුම් තුනක් ඔහු සන්තකයේ තිබූ බවත් එම ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලය තුළ කාන්තා නේවාසිකාගාරය තුළින් කාන්තා යට ඇඳුම් සීඝ්රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට ද දැනුම් දී විමසිලිමත් ව සිටි අවස්ථාවේ දී ඊයේ (19) අලුයම සැකකරු සුපුරුදු ලෙස නේවාසිකාගාරය වෙත ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී අල්ලා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලීසිය වෙත භාරදුන් සැකකරු සෞඛ්යය කාර්ය සහායකයකු ලෙස රැකියාව කරන කළුතර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පමණ පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි