ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදි විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත්තේ, කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති අතර ප්රජාතන්ත්රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවින් බවය.
ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.
එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.
මේ අතර ඊයේ (26) දිනයේ ජාතික ජන බලවේගයේ කොළඹ පැවැති විරෝධතාවට එල්ල වු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිසක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට