ජාතික ගැටලුවට දේශපාලන වශයෙන් අවශ්‍ය නිසි විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න සහ අර්බුධ නිර්මාණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පසුගියදා (14) සදහන් කළා.
සියලු ජාතීන්ගේ අනන්‍යතාවන්ට සහ අයිතීන්ට ගරු කරමින් සියලු දෙනාට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ජාතික ගැටලුවට සාධාරණ විසදුමක් ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසු සම්බන්ධන් මහතා මේ පිලිබඳ සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙන බවද පෙන්වා දුන්නා.
නිර්මාණය කරන බව පවසන නව ව්‍යවස්ථාව හරහා ජාතික ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නම් එයින් ජනතාවටත් රටටත් යහපතක් වන බවත් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය නොවුණහොත් රටට සාමය, සමාදානය හා සෞභාග්‍ය අහිමිවන බැවින් වඩාත් බුද්ධිමත්ව කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුවන බවත් ඔහු සිහිපත් කළා.
සිය්නටලු ජනතාවට විශ්වවාසයෙන් කටයුතු කළ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ආර් සම්බන්ධන් මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි