Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජවිපෙ අන්තවාදීන් දෙදෙනෙක්  ඉන්නවා හැබැයි අනුර හොදයි රනිල් කියලා –  හිරුණිකා සොයා ගනී 

ජනතා විමුක්ති පෙරමුණ තුළ දැනට සිටින නායකයින් අතුරින් අන්තවාදී අදහස් ඇති පුද්ගලයින් දෙදෙනා වන්නේ කේ. ඩී ලාල්කාන්ත සහ ටිල්වින් සිල්වා යන දෙපල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය හිතවතෙකු සමග පවසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

මෙම තත්වය තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩි කැමැත්තක් දක්වන බවත් ඔහුගේ වත්මන් දේශපාලන භාවිතය ඇන්.එම් පෙරේරාගේ ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරයට සමාන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව සඳහන්.

එය රටට අවශ්‍ය බවත් ඒ පිළිබඳ තමන් අනුර කුමාර මහතාට ප්‍රසංශා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීප හිතවතෙකු තමන් සමඟ පැවසු බව ද ඇය සඳහන් කළේ MEE MASSOO TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

About The Author