ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (25 වැනිදා) රාත්‍රියේ පැවත්වා තිබුණා.
යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල ඉහළ දමා ජනතාව අසීරුතාවට පත් කළ නොහැකි බවයි. හැකි නම් ඉන්ධන සඳහා අය කරන රජයේ බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
එහිදී උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බවයි. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිලෙහි සිදුවන වෙනස් කම් වලට අනුව මෙරට මිල වෙනස් වීම තීරණය කිරීම සඳහා පසුගිය රජය සමයේ සකස් කරන ලද ඉන්ධන මිල සුත්‍රය ද වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අත්හිටුවනු ලැබුවා.
© මුලාශ්‍රය – අරුණ
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි