ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබුණි.
හොංකොං හි ලියාපදිංචි කර ඇති එම නැවෙහි චීන ජාතිකයින් 14 දෙනෙක් සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙක් සේවයේ යෙදී සිටියේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට