හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ ගුවන් ගමන් සහ උමං දුම්රිය සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
හයිෂෙන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල මිලියන 8 ක ජනතාවකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, ජපානය හරහා හමාගිය හයිෂෙන් සුළි කුණාටුව මේ වන විට දකුණු කොරියාවේ භූසාන් නගරය දෙසට හමා යමින් පවතින බවට වාර්තා වනවා. පැයට කිලෝමීටර් 144ක වේගයෙන් හමායන එම සුළි කුණාටුව හේතුවෙන් මේ වන විටත් දකුණු කොරියාවේ නිවාස 5000ක පමණ විදුලිය ඇණහිට තිබෙනවා.
ජේජු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපළ 10ක ගුවන් ගමන්වාර 300කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර පුද්ගලයින් 1000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය