2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජපානයටත් පොටර් කලාපයක්.

2023 වසරේ දී හැරී පොටර් තේමාවෙන් යුක්ත නව සංචාරක කලාපයක් සිය රට තුළ ඉදිකිරීමට ජපානය තීරණය කර තිබේ. ඒ වන විට ලොව පුරා සංචාරක සීමා නැවතත් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“වෝනර් බ්‍රදර්ස් ස්ටුඩියෝ ටුවර් ටෝකියෝ – මේකින් හැරී පොටර්” යන නමින් හඳුන්වන මෙම සංචාරක ස්ථානය, එක්සත් රාජධානියේ පිහිටුවා ඇති හැරී පොටර් කතා මාලාවට අදාළ සංචාරක කලාපයේ අනුරුවකට අනුව නිර්මාණය කෙරෙයි. මේ සඳහා එක්සත් ජනපද සමාගමත් ජපානයත් හවුල්කරුවන් ලෙස කටයුතු කරනු ඇත.

2023 දී අදාළ ස්ථානය විවෘත වන විට කොරෝනා වෛරස වසංගතයේ පසුබෑමෙන් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. චිත්‍රාගාර චාරිකාවේ කොටසක් ලෙස නරඹන්නන් හට හැරී පොටර් මැජික් යශ්ටි හා උපකරණ කට්ටල, ඇඳුම් පැළඳුම් මෙන්ම චිත්‍රපටවල දර්ශන පසුතල ද දැක ගත හැකි වනු ඇත.

2012 දී එක්සත් රාජධානියේ සාදන ලද ප්‍රථම හැරී පොටර් සංචාරක කලාපය විවෘත කළ දින සිට මේ වන විට මිලියන 14 කට අධික නරඹන්නන් ප්‍රමාණයක් එහි පැමිණ තිබෙන අතර, ඉන් අදාළ ස්ථානය විශාල සාර්ථකත්වයක් ලබාගෙන ඇත.  2011 වසරේ දී අවසන් හැරී පොටර් චිත්‍රපටය නැරඹීමට ලොව පුරා රසිකයන් දහස් ගණනක් පෝලිම් ගැසී සිටියහ.

“ජේ. කේ. රොව්ලිං” විසින් රචිත පොත් මාලාව මත පදනම් වූ චිත්‍රපට මාලාව ද සමඟ හැරී පොටර් තේමාත්මක ආකර්ශනීය ස්ථාන මෙන් ම භාණ්ඩ ද ලොව පුරා ජනප්‍රිය ය. යුනිවර්සල් ස්ටූඩියෝහි එක්සත් ජනපදයේ සහ ජපානයේ උද්‍යානවල ද මෙම “වර්ල්ඩ් ඔෆ් හැරී පොටර්” තේමාව යටතට ගැනෙන ආකර්ෂණීය ස්ථාන පිහිටා තිබේ.

 “හැරී පොටර් සමඟ හැදී වැඩුණු වැඩිහිටියන් දැන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිනමාහල් වෙත ගෙන යන බැවින්, මෙම ආකර්ෂණීය බලය පරම්පරා ගණනාවක සිට පැවත එන්නා වූත් ජනතාව බොහෝ සෙයින් ආදරය කරන්නාවූත් සංකල්පයක් බවට පත් ව තිබේ.” යන්න ජපානයේ ඉටෝචු සංස්ථාවේ ප්‍රකාශකයින්ගේ අදහසයි. ජපන් රජය මෙම පියවර ගෙන ඇත්තේ වැඩි වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශීඝ්‍රයෙන් පහළ ගිය සංචාරකයින් සංඛ්‍යාව නැවත වැඩි කර ගැනීමේ අරමුණෙනි.