Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති දෙනවා කිව්ව LOAN එක හිරු එකෙන් හරි දෙරණෙන් හරි ඉල්ලගන්න – බැංකු නිලධාරියෙක් පාරිභෝගිකයෙකුගේ මුහුණටම කියලා.

ආණ්ඩුව විසින් ජනතාවට ලබා දුන් ණය සහනය හිරුගෙන් හෝ දෙරණින් ඉල්ලා ගන්නා ලෙස තමන්ට බැංකු නිලධරියෙකු පැවසු බව සදහන් කරමින් විමුක්ති චතුර නම් පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල Facebook පිටුවෙහි ග්‍රාහක ප්‍රතිචාරයක් (Comment) සදහන් කර තිබෙනවා.

එමගින් ඔහු සදහන් කරන්නේ ජනාධිපතිතුමන් විසින් ජනතාව වෙනුවෙන් ලබා දෙන බව පැවසු ණය සහන ලබා දීමට ඇතැම් රාජ්‍ය බැංකු තව දුරටත් අසමත් වී ඇති බවයි.

ඒ වෙනුවට ඒ පිළිබද තොරතුරු ජනතාව අතරට ගෙන ගිය මාධ්‍ය ආයතන වලින් අදාල ණය සහන ඉල්ලා ගන්න ලෙස පවසන තැනට රාජ්‍ය නිලධාරීන් පත්ව තිබෙනවා.

මේ දක්වා අදාල ණය සහන පිළිබඳ අදාල රාජ්‍ය බැංකුවල ඉහල කළමනාකාරිත්වය දැනුවත් නොමැති වීම මේ සඳහා බලපා ඇති එක් හේතුවක් විය හැකි අතර අනෙක් හේතුව යම් දේශපාලනික මතවාදමය ගැටළුවක් ද විය හැකි.

කලින් ආණ්ඩුවේත් මෙම ගැටලුවම

යහපාලන ආණ්ඩුව විසින් ද තම අයවැය යෝජනා වලින් ජනතවට විශාල ණය යෝජනා ක්‍රම රැසක් යෝජනා කර තිබුණා.

“Enterprise Sri Lanka” නමින් ණය පහසුකම් ලබා දීම වෙනුවෙන්ම යෝජනා මාලාවක් ඉදිරි පත්ව තිබු අතර ඒ පිළිබඳ විමසීම සදහා ජනතාව රාජ්‍ය බැංකුවලට ගිය විටද ලැබී තිබුණේ මේ හා සමානම පිළිතුරු වීමද විශේෂත්වයක්.

වෙතත් රජයන් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණ ඇතිව ලබා දෙන සහන ලබා දීමට රාජ්‍ය බැංකු අපොහොසත් වීම කනගාටුදායක තත්වයක්.

එමෙන්ම එම තොරතුරු ජනතාව අතරට ගෙන යන මාධ්‍ය ආයතනවලින් එම සහන ඉල්ලා ගන්න ලෙස රාජ්‍ය නිලධාරීන් පැවසීමද කණගාටුවට කරුණක්.

කොතැනක හෝ වරදක් සිදුව ඇති අතර අදාල සියලු අංශ මැදිහත්ව ජනතාවට් පොරොන්දු වූ සහන ඔවුන් වෙත ලබා දෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

අදාළ Facebook ඡායාරූප පහළින්..

About The Author