Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ජනාධිපති අපේක්ෂක වෙලා හරි මම එනවා. සර්ල සටන ගෙනියන්න” රන්ජන් රනිල් ට කියලා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක බරපතල වැඩ සහිතව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඩුවම් නියම කෙරුණේ අද පෙරවරුවෙයි.

ඉන් අනතුරුව රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයෙකුගේ දුරකථනය හරහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායක මහතාට කතා කර ඇති බව වාර්තා වනවා.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසා තිබෙන්නේ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පළකර ඇති රාමනායක මහතා පවසා තිබෙන්නේ ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කරමින්, ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහි සටනට ශක්තිය සහ නායකත්වය ලබා දෙමින් කටයුතු කරන ලෙසයි.

වසර 4ක් යනු සුළු කාලයක් බවත්, එය ඉක්මනින් ගත වී යනු ඇති බවත් පවසා ඇති රන්ජමනා රාමනායක මහතා ඉදිරියේදී ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස හෝ සටනට පැමිණෙන බව සිනාමුසුව පැවසු බව ඉතා විශ්වසනීය ආරංචිමාර්ග මගින් අප වෙත වාර්තා වුණා.

About The Author