ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් දාන ශාලාවක් වැනි ස්ථානයක අසුන් ගෙන සිටින විට ස්වාමීන් වහන්සේ කිහිප නමක් නැගී සිටිමින් ඔවුන් සමග සාකච්ඡාවේ යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් හුවමාරු වුණා.
මෙම ඡායාරූපය ව්‍යාජව සකස් කරන ලද එකක් බවට මුල දී චෝදනා එල්ල වූ අතර ආණ්ඩුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රූපවාහිනීය දේශපාලන සාකච්ඡාවකට පවා එක්වෙමින් සඳහන් කළේ අදාළ ඡායාරූපය සංස්කරණය කරන ලද එකක් බවයි.

එමෙන්ම ස්වාමීන්වහන්සේ කිහිප නමක් අදාළ අසුන්වල වැඩ සිටින ඡායාරූපයක් එහි නියම ඡායාරූපය ලෙස ද සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් අදාළ වැඩසටනේ දී ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
එහිදී අනාවරණය වී තිබෙන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පෙනී සිටින ඡායාරූපය සැබෑ ඡායාරූපයක් බවයි.

කෙසේ වෙතත් ධනුෂ්ක රාමනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙන්නේ අදාළ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් රූපගත කිරීමක් සිදු නොකරන ලෙස නියෝග කර තිබු මොහොතක හොර රහසේ ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලය වෙත මුදා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් බවද, ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කළා.
එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෙළි වූ බව ද ඔහු පැවසුවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක