ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
එම තනතුරට මෛත්‍රිපාල සිරිසේන විසින් 2019දී පත් කළ ඒ. එන්. මුසාමිල් පසුගිය 04 වෙනි දින ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වී සජිත් පිල සමඟ එක්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.
අනුර විදානගමගේ පසුගිය 04 වෙනිදා පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ මහියංගන ප්‍රචාරක රැලිය සංවිධානය කළ පුද්ගලයාද වන අතර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ ගේ සහෝදරයාද වේ.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි