Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනමතයට පිටු පා රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල විකුණා දමන ආණ්ඩුව ජාත්‍යන්තරයේ පවා විහිළුවට ලක් වෙලා – සුනිල් හඳුන්නෙත්ති

රටේ ආර්ථික මර්මස්ථාන එකිනෙක විකුණා දමමින්  ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා..

දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජාත්‍යන්තරයට පවා විහිළුවක් බවට පත් වෙමින්  වත්මන් ආණ්ඩුව  රටේ සම්පත් විකුණා දමමින් සිටින බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය  ලාභ ලබන මට්ටමක පවතිද්දී  අත්තනෝමතික ලෙස එය නම් කරන ලද ඉන්දියානු සමාගමකට  විකුණා දැමීම සඳහා  වන කැබිනට් යෝජනාවට මේ වන විටත් අනුමැතිය හිමිව ඇති බව පෙන්වා දුන්  හඳුන්නෙත්ති මහතා වරාය අමාත්‍යවරයා අදාල ඉන්දියානු සමාගමේ නියෝජිතයා බවට පත්ව ඇතැයි ද චෝදනා කළා.

බලය ලබා ගැනීමට පෙර රටේ සම්පත් විකුණා දමන බවට විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කරමින් සිටි වත්මන් ආණ්ඩුව  බලයට පත්වී සිදුකරමින් සිටින්නේ  ඉතා පහත් සහ රව්ටිලිකාරී අයුරින් කටයුතු කරමින් රටේ සම්පත් විදේශ රටවලට විකුණා දැමීම බව  හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

කුණු කොල්ලයට හම්බන්තොට වරාය චීනයට විකුණා ලංකාවේ චීන වරායක් නිර්මාණය කරදුන් රජය , කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය  ඉන්දියාවට විකුණා දමමින්  ඉන්දියාවට  ද ශ්‍රී ලංකාවෙන්  වරායක් ලබාදීම සඳහා  කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරනවා.

ලෝක භූ දේශපාලනික  සහ  ආර්ථික  වශයෙන්  සුවිශේෂී වටිනාකමක් ඇති කොළඹ වරාය  මෙන්ම  ගාලු වරාය කොටස් කිහිපයක් මෙන්ම ගුවන් තොටුපොළ පවා  විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව  ද මෙහිදී අනාවරණය වුණා.

සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය , පුල්මුඩේ ඛනිජ වැලි නිධිය, එප්පාවල පොස්පේට් නිධියද ඇතුළු ජාතික සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

ඒ බත්තරමුල්ල,  පැලවත්ත  ජනතා විමුක්ති පෙරමුණ  පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ වීඩියෝව පහළින්..

About The Author