මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
එම කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි.
ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අලහප්පෙරුම මහතා සදහන් කරනවා.
එමෙන්ම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේ සංශෝධන පමණක් සිදුවන බවද ඔහු කියා සිටියේ අද පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ජනධිපති ලේකම්වරයා සදහන් කළ ආකාරයෙන් කොමිසම වසා දැමීමට තීරණය නොකළ බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා යනු ජනාධිපතිවරයාගේ අණ සහ නියෝග අනුව කටයුතු කරන නිලධාරියෙකු වන බැවින් මෙම තීරණය ජනාධිපතිවරයාගේ තීරණයක් ලෙස ගත හැකි බව පවසන ආණ්ඩුවේම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම තීරණය සම්බන්ධයෙන් තම විරෝධය පල කළද සෘජුවම ඒ පිලිබඳ ජනාධිපතිවරයාට චෝදනා කිරීමෙන් වැලකීමට වග බලාගෙන ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් පී,බී ජයසුන්දර මහතාගේ ලිපිය සහ ඇතැම් කටයුතු හේතුවෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර යම් නොසන්සුන් තත්වයක් නිර්මාණය වී තිබෙන බව ද රජයේ අභ්‍යන්තර තොරතුරු අප සමග තහවුරු කළා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක