2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති ලබන බදාදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව එළඹෙන බදාදා දිනයට වසරක් සපිරෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එළඹෙන බදාදා රාත්‍රී 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සැලසුම් කර ඇති බවයි.

එම අවස්ථාව සියලුම රුපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.