ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒමට මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය කිරීම හා සංචාරක කේෂේත්රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය මෙහිදී සිය සතුට පළ කළාය.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළහි ප්‍රගතිය ද ඇයගේ ඇගයීමට ලක් විය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට