සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
නත්තල් අසිරිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාවක් සලසා දෙමින් මෙය සංවිධානය කර තිබූ අතර ජාති, ආගම් බේදයකින් තොරව අති විශාල ජනතාවක් ඊයේ ජනාධිපති කාර්යාලය අවට සහ කොළඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටියහ. ඔවුන් සමග සුහද කතා බහක නිරත වෙමින් ගාලු මුවදොර පිටිය අභියස සැණකෙළි භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාට එහි රැස්ව සිටි පිරිසගෙන් ඉතා සුහදශීලි පිළිගැනීමක් හිමි විය.
සැණකෙළිය නැරඹීමට පැමිණ සිටි කුඩා දරුවන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිවරයා ඔවුන් සමග ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ගායන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසගංයක් ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර ඒ අසළ ඇති මහාමාත්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පඩි පෙළේ අසුන්ගත් ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරු සමග එක්ව නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීය.
මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වනදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙයි.
ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තූර්ය වාදන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තූර්ය වාදන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර, එම සංදර්ශණය සහ සැණකෙළි භූමියේ ඉදිකර ඇති විශාල නත්තල් ගස දැක බලා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි