ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය.
අනතුරුව ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි