ඉදිරි තෙවසර තුළ මධ්‍යම පාන්තිකයන් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 15,000කි. අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී නිවාස ඒකක 36,884ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.
පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්, කොට්ටාව – මාකුඹුර, කොට්ටාව -පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසේ. විධායක, ව්‍යවසායක සහ සියලු ක්ෂේත්‍රවල නිරත විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනේ.
ඉදිකිරීම් ඇරඹීමත් සමග ඊට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
© ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල Facebook පිටුව


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ