ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (09) ගම සමග පිළිසදරක් වැඩසටහනට එක්වෙමින් පසුගිය 6 වැනිදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී එම කතාව පිළිබඳ විවේචනාත්මක ස්වභාවයෙන් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ චරිතය මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ යන චරිත දෙකම තිබෙන බවද සිහිපත් කළා.
ජනාධිපතිවරයාගේ අවධානය මේ තරම් දිනාගත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළ කතාවේ අන්තර්ගත වූ කරුණු මොනවාද?
මෙම කථාවෙහි දී හරීන් ප්‍රනාන්දු මහතා මතු කළ ප්‍රධාන කාරණාවක් වූයේ එකම රටක් එකම නීතියක් යනුවෙන් පවසා බලයට පත් ආණ්ඩුව නීතිය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.
මතු කළ දෙවැනි කාරණය වූයේ පුද්ගලයින් පස් දෙනෙකු ඔහුගේ දේශපාලන ගමන මෙන්ම රටේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇති බවයි.
මෙහිදී මතුවූ තවත් කාරණයක් වන්නේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බලපැවැත්වෙන ශාපයන් කීපයක් පිළිබඳවයි.
මහ බැංකු වංචාව පිළිබඳ පවසමින් බලයට පත් ආණ්ඩුව එක මොහොතින් මහ බැංකුව වංචාව අබිබවා යන අන්දමේ බදු වංචාවක් සිදුකර ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
පාස්කු ප්‍රහාරය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවත් ඊට වන්දි කිරීම්ට යම් දවස්ක ආණ්ඩුවට සිදුවනු ඇති බවත් එහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.
අදාල කතාව පහතින් දක්වා ඇත.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්රමයට වැඩ කරන්න – ශ්රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක