මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය .
විශ්‍රාමික අගවිනිසුරු ප්රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙට (8) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.
තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට