2022 දෙසැම්බර් 4

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගෙන් අස්වැසිල්ලක් – ලක්ෂ පහක පළමු කොරෝනා එන්නත් තොගය 27 වෙනිදා ලංකාවට

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සදහන් කළා.

ඒ කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ පරිදි එසේ ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් AstraZenica කොවිඩ් මර්දන එන්නත යි.

ඒ අනුව පළමු තොගය ලෙස එන්නත් ලක්ෂ 5ක් (500,000) රැගෙන ඒමට නියමිතයි.

එම ඖෂධයට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඖෂධ අධිකාරියේ අනුමැතියද හිමි වුණා.