පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සදහන් කළා.
ඒ කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ පරිදි එසේ ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් AstraZenica කොවිඩ් මර්දන එන්නත යි.
ඒ අනුව පළමු තොගය ලෙස එන්නත් ලක්ෂ 5ක් (500,000) රැගෙන ඒමට නියමිතයි.
එම ඖෂධයට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඖෂධ අධිකාරියේ අනුමැතියද හිමි වුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට