Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතා ප්‍රශ්න විස‍ඳෙන ලකුණු

අල, එළවළු සහ තේ වගාවට විශේෂ පොහොර වර්ග දෙකක් සතියක් ඇතුලත නිපදවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සමාගම‍ට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

ඒ අනුව අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරනු ලැබීය.

මෙම පොහොර වර්ග දෙක නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. එම පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යූරියා, MOP සහ වෙනත් සංඝටක මේ වනවිටත් එම සමාගම් සතුව පවතින බව සභාපතිවරු දෙදෙනා ප්‍රකාශ කළහ.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල වත්තල පිහිටි ගබඩා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

About The Author