ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ හිතේ වෛරය ඉවත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නැති ඡන්ද දායකයෙක් ඡන්දපොළට ගිය දිනක හොඳ රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනු ඇතැයි ද අබේවර්ධන මහතා කීය.
රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්නැයි ද එජාප සභාපතිවරයා ඉල්ලා සිටියේය.
ගාල්ලේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
ලාංකිකයන් 1948 නිදහස ලබාගත් දා සිට අද වනතුරු අවුරුදු 75 ක් පුරා වරද්දාගත් ජාතියක් බව කී අබෙිවර්ධන මහතා ඒ වැරැද්දේ උපරිමයට ගිය අවුරුද්දෙදී ළඟා වූ බව පැවසීය.
ඒ වැරැද්ද දැන් නිවැරදි කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කරන බවද කීය.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි