ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ෙවජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ හිනිදුම සහ ඇල්පිටිය ආසනවල පැවැති එජාප බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
එපමණක් නොව ඉදිරියේදී වාහන වල ලීසිං හා බැංකු ණය ගෙවාගන්න බැරිව ඉන්න අයටත් අපහසු කාල පරිච්ඡේදයක් ඇතිවිය හැකි බව කී අබෙිවර්ධන මහතා ඒ කිසි දෙයක් ගැන අවධානය යොමු නොකොට, මැතිවරණයක් වෙනුවෙන් පමණක් විපක්ෂය පෙනී සිටිනවානම්, මහජනතාව ඒ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බව පැවසීය.
මැතිවරණය වෙනුවෙන් පමණක් බිලියන 20ක් පමණ වියදම් කරන්න වෙන අතර එයින් තේරී පත්වෙන සභිකයන් 8000ට ඉන් පසු මාසිකව දීමනා හා වැටුප් ගෙවිය යුතු බවත් එය පවතින ආර්ථික අර්බූදය හමුවේ කළ හැකි දෙයක් නොවන බව ජනතාව තේරුම්ගත යුතුව ඇතැයි වජිර අබේවර්ධන මහතා කීය.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්